තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

Date:

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබේ.

119 දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෙම කැබ් රථයෙන් ඊයේ රාත්‍රියේ ගමන් කර ඇති අතර එහි එංජිම ක්‍රියාත්මකව තිබියදීම ඔවුන් සිව්දෙනා බැස ගොස් අදාළ පැමිණිල්ල ගැන සොයාබලමින් සිටින අතර මෙම සොරකම සිදුව ඇති බවත් සඳහන්.

එම රථය සොයා පොලීසිය විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර පසුව එය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අත්හැර දමා ගොස් තිබියදී හමුවූ බවත් පොලීසිය පවසයි.

කැබ් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එය අතැර දමා ගොස් තිබුණු අතර එය සොයාගන්නා අවස්ථාවේදීත් එහි යතුර යතුරුකටේ තිබී ඇති බවත් වාර්තා විය.

සොරකම සිදුකළේ කවුරුන් විසින්ද යන්න පැහැදිලිවම අනාවරණය වී නොමැති අතර එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් කැබ් රථය මහමග දමා ගිය පොලිස් රියදුරාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...