හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව නීතීඥවරයකු සැකපිට අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් ඔහු විසින් සිදුකර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත්, ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ප්‍රකාශ කර ඇත.

දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, එම නීතීඥවරයා සැකපිට අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් දින 14කට බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...