සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ උතුරු-මැද නයිජර් ප්රාන්තයේ මගීන් 100 කට වැඩි පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වර්තා වේ.
මලලේ දිස්ත්රික්කයේ ටුන්ගන් සුලේ නගරයෙන් පිටත් වූ යාත්රාව නයිජීරියාවේ කයින්ජි ජලාශයේ ඩග්ගා නගරය දෙසට ගමන් කරමින් තිබුණු අතර අධික බර පැටවීම අනතුරට හේතු වී ඇති බව නයිජර් ප්රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය (NSEMA) තහවුරු කර ඇත.
මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමයින් වශයෙන් හඳුනාගෙන ඇති අතර අතුරුදහන් වූවන් වෙනුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ.
නයිජීරියාවේ ගංගා ආශ්රිත ප්රජාවන්හි බෝට්ටු අනතුරු නිරන්තරව සිදුවනු දක්නට ලැබෙන අතර විශේෂයෙන් මාර්තු සිට ඔක්තෝබර් දක්වා වැසි සමයේදී, ගංගා සහ විල් පිටාර ගලන විට ආරක්ෂක ක්රියාමාර්ගවල දුර්වලතාවය, තදබදය සහ දුර්වල ලෙස නඩත්තු කරන ලද යාත්රා හේතුවෙන් බෝට්ටු අනතුරු සිදු වේ.