*
Friday, April 26, 2024
spot_img

Latest Posts

තීක්ෂණගේ සහෝදර කණ්ඩායම අනාවැකිය සනාථ කරයි

ආසියානු කුසලානයේ පළමු වටය තිබුණේ පිට්ටනියටක් වඩා පිට. රටවල්වල ආර්ථික සහ සමාජීය කාරණාවලටත් පහර දුන් ඒ තරගයේ මහේෂ් තීක්ෂණ සිය සමාජ ජාලා ගිණුමක ලෝක ප්‍රසිද්ධ පන්දු යවන්නන් හොඳ සහෝදරයන් 11 දෙනෙක්ට අදාළ නොවන බව කියනවා.ඒ කතාව බංගලාදේශ තරගයටත් වඩා හොඳින් අද ඇෆ්ගනිස්තාන ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව සනාථ කෙරුවා. ඒ ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ආසියානු කුසලාන තරගයේ සුපිරි හතර වටයේදී කඩුලු හතරක ජයක් වාර්තා කරමින්.

ඇත්තම තත්ත්වයේදී ඒ බංගලාදේශ තරගය හා සබැඳි මතවාදවලට මුල වුණේ දසුන් ශානක බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය සංසන්දනය කරන ලද ප්‍රකාශයයි.ඒ ප්‍රකාශයට අනුව දසුන් පවා පිළිගන්නවා ඇෆ්ගන් 20/20 ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් ඉහළ තැනෙක තියෙන බව.ඇත්තටම දකුණු ආසියාවේ ඉන්දියාව හැරුණු කොට ලෝකයේ වැඩියෙන්ම 20/20 සමාජය ඇතුළෙ ජාත්‍යන්තර කණ්ඩායම්වලින් ආරාධනා ලබන්නෙ ඇෆ්ගන් ක්‍රීඩකයන්ට. ඒ නිසා ඔවුන් මේ මොහොතෙ ශ්‍රි ලංකාවට දැඩි පීඩනයක්.

තරගයේ වීරයා වුණ රමනුල්ලාහ් ගුර්බාස් දවා ගැනීමට රැක ගත් උඩ පන්දුවේදි ප්‍රමාණවත් පරිදි සංයමය රැක ගන්න ධනුෂ්ක ගුණතිලකට නොහැකි වූ බැවින් ඔහු නැවතුණේ පන්දු 45 කදී ලකුණු 84 ක් ලබාගෙනයි.එහිදි ධනුෂ්ක ගුණතිලකගේ හැසිරිමේ අවංකභාවය සම්බන්ධයෙන් ඇති වුණු ගැටළුව නොවන්නට ශ්‍රී ලංකාව මේ තරගයේ හැම මොහොතෙම ගෞරවය තමන්ගේ පැත්තට තබා ගන්නට සමත් වුණා.ගුර්බාස්ගේ ප්‍රවේගකාරී ඉණිමට ඉබ්‍රාහීම් ෂඩ්‍රාන් එකතු කළ ලකුණු 40 ත් ඇෆ්ගන් ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 175 දක්වා ගෙන ගියා. බංගලාදේශයට එරෙහිව ගිණිකෙළි ප්‍රදර්ශනය කළ නජිබුල්ලා ෂඩ්‍රාන්ගේ ඉනිම පන්දු 10 දි ලැබුණු ලකුණු 17 න් දුවද්දී දවා ගන්නට වනිඳු හසරංගගේ සහ කුසල් මෙණ්ඩිස්ගේ දායකත්වය පැමිණීමත් සමඟ ලකුණු 175 පහසුවෙන් ඉක්මවා යන ස්වරූපය පෙන් වූ ඇෆ්ගන් ඉනිම ලකුණු 175 දී නවතා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

පන්දු යැවීමේදී කඩුලු දෙකක් ලබා ගන්න ඩිල්ෂාන් මධුශංක සමත් වුණා. ඔහුගෙන් ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 37 ක් උදුරා ගත්තා.අසිත ප්‍රනාන්දු ලකුණු 34 ක් ලබා දී එක් කඩුල්ලක් සහ මහේෂ් තීක්ෂණ ලකුණු 29 ක් දී එක් කඩුල්ලක් ලබා ගත්තා. වනිඳු හසරංග කඩුලු නොපැමිණියද හොඳින් පන්දුව පාලනය කරමින්, ඇෆ්ගන් පිතිකරුවන්ට අත දිග හැර පහර දීමේ අවකාශය වළක්වනු ලැබුවේ පන්දු ඕවර් හතර ලකුණු 13 ට සිමා කරමින්.

ලකුණු 175 ක් යනු ලෝකයේ මිලක් ඇති 20/20 විශේෂඥ පන්දු යවන්නන් ඇති ඇෆ්ගනිස්තානයට එරෙහිව පහසු කරුණක් නොවන බව පැහැදිළියි. ඒ සඳහා ලකුණු වේගය පමණටම කඩුලු නොදී සිටීමද වැදගත්. මේ බව ශ්‍රී ලංකාවේ ඉනිම ඇරඹු පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අවබෝධ කරගෙන පහර දුන්නා. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 62 දී නිමාවට පත් වුණේ ශ්‍රී ලංකා ඉනිමේ හත්වන ඕවරයේ තෙවන පන්දුවේදීයි. මෙන්ඩිස් වගකීම් සහගත ලකුණු 36 ක් පන්දු 19 කින් එක් කර දැවී යන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා පිවිසිය හැකිය යන විශ්වාසය ගොඩ නගාගෙන තිබුණා.

අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක මේ තරගයේදිද දැඩි පීඩනයකින් ලකුණු අතරට එන්න ගත් උත්සාහය කණ්ඩායම මත පීඩනයක් වෙමින් පන්දු 14 ක් වැය කර ලැබූ ලකුණු 8 න් නිමාවට පත් වුණා. දසුන් ශානකද පහර දිය යුතුම පන්දුවකට එල්ල කළ පහරක් නජිබුල්ලාහ් ෂඩ්‍රාන් විශිෂ්ට උඩ පන්දුවක් කර ගැනීමෙන් පසුව පන්දු නවයකදී එකතු කරන ලද ලකණු 10 ක් සමඟ පිටියෙන් ඉවත් වුණා. නමුත් පන්දු 15 ක් තුළ ලකුණු 32 ක් එකතු කරමින් ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු ඇති කරනු ලැබුවා. අවසාන භාගයේදී වනිඳු හසරංග පන්දු 8 න් ලකුණු 16 ක් ලබා ගෙන සිටි අතර ජයග්‍රහණයට අවශ්‍යය එක ලකුණු වෙනුවෙන් පන්දු 3 ක් වැය කරන්නට සිදු වූ අතර ඔහු ජයග්‍රහණය සඳහා හතරේ පහරක් එල්ල කරමින් මුහුණ දුන් පන්දු දෙකෙන් ශ්‍රී ලංකා ඉණිමට ලකුණු 5 ක් ලබා දුන්නා.

පැතුම් එකතු කළ ලකුණු 35 පන්දු 28 න් පැමිණ තිබුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් පන්දු 20 දී ලැබුවා.භානුක බංගලාදේශ තරගයෙන් අනතුරුව මාධ්‍යයට කී පරිදි තම කණ්ඩායම හිටියාට වඩා සියයට දෙසීයකින් ශක්තිමත් යන්න ප්‍රායෝගිකව පැහැදිළි කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 221.43 තබා ගනිමින් පන්දු 14 දී ලකුණු 31 කින් ජයග්‍රහණයට දායක වුණා.

මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ශක්තිමත්ව යාම සඳහා විශාල දායකත්වයක් දෙන බවට සැක නැහැ. ඒ වගේම පිට පිට තරග දෙකකදී ලකුණු 175 ඉක්මවා හඹා යා හැකි කණ්ඩායමක් බව පැහැදිළි කරමින් ප්‍රතිවාදීන් තුළ ඇති කරන පීඩනයද වැදගත් කොට සිතිය හැකියි. එසේම කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි මට්ටමට වැඩෙමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේදී යම් පෙරළියක් කරනු ඇතැයි යන්නද මේ ජයග්‍රහණ හරහා පැහැදිළි කරනවා.

ලකුණු 175 ක ඉලක්කයක් එකදු අර්ධ ශතකයක් හෝ නැතිව ලකුණු තිස් ගණන්වල දායකත්වයන් හතරකින් හමාර කරමින් ශ්‍රී ලංකාව සෙසු කණ්ඩායම්වලට එකතු වුණොත් කළ හැකි දේ මෙන්ම එසේ එක්වීමෙන් පසුව වෙනත් කණ්ඩායමකට හිමිවන තැන ද මේ තරගයේදී ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඒ වීර ඉනිම් හතරෙන් තරගයේ ජයග්‍රහණය කරා යා හැකි බවට පළමුව විශ්වාසය ඇති කරපු කුසල් මෙන්ඩිස්ගේ ඉනිමද, කඩුලු අතැතිව සිටි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යය වේගය තදින් ළඟා කර දුන් භානුක ද පෑ දක්ෂතා ඒ අතරින් තීරණාත්මකව ජයග්‍රහණයට හේතු වුණා. නමුත් දක්ෂතා යනු දවසක ඇවෑමෙන් ඉනික්බිති නිමා නොවිය යුතු දේ බැවින් තරගාවලිය ජයග්‍රහණය කරා ගෙන යන මොහොත දක්වාම සියලු දෙනා එක පොකුරට එක්ව සටන් වැදිය යුතු වෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan