*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පර්චසයක් රුපියල් 100 බැගින් බදු දෙන්න බන්දුල සැරසෙයි

කෙටිකාලීන බෝග වගා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් ලබාදීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා. බදු පදනම යටතේ වසරක සීමිත කාලයක් සඳහා මෙම ඉඩම් ලබාදෙන අතර ඒ සඳහා පර්චසයකට රුපියල් 100 ක් වැනි ඉතා සුළු මුදලක් අය කරන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

දුම්රිය රක්ෂිත ආශ්‍රිත ගැටලු පිළිබඳව සෙයා බැලීම සඳහා ඊයේ පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී පැවති ජංගම සේවයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ආහාර අර්බුදයට විසඳුම් ලෙස රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් කෙටිකාලීන වගා කටයුතු වෙනුවෙන් බදු පදනම මත සාමාන්‍ය ජනතාවට ලබාදීමට තීරණය කර ඇති අතර දුම්රිය දේපාර්තමේන්තුවට අයත් රක්ෂිත භාවිතා කිරීමට තීරණය කර තිබෙන්නේ
ඒ අනුවයි. මේ සඳහා ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබෙන බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බදු පදනම මත ලබා ගන්නා මෙම ඉඩම්වල මිරිස්, අල-බතල, ධාන්‍ය වැනි කෙට්කාලීන බෝග වගාකළ හැකි අතර කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමට අවසර හිමි නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම ඉඩම් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan