අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 15 ක් හිගයි – රෝගීන්ගේ ජීවිත අනතුරේ

Date:

මේ වනවිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින ඖෂධ හිගය පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා දැඩිලෙස බලපා ඇති බව වාර්තා වේ. මහරගම අපේක්ෂා රෝහලේ සහ සෙසු පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර ඒ්කකවල බළධාරීන් මේ සම්බන්ධයෙන් කිහිප වරක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති නමුත් මේ දක්වා විසඳුම් ලබා දී නොමැත.

පියයුරු පිළිකා‌ රෝගීන්ට ලබාදෙන trazumab ඇතුළු පිළිකා ඖෂධ වර්ග 15 ක දැඩි හිගයක් පවතින බවයි වාර්තා වන්නේ. මෙම තත්වය මත ඇතැම් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම බිඳවැටී තිබේ.

ඖෂධ වර්ග කිහිපයක් ආනයනය සඳහා ප්‍රසම්පාදන අනුමැතිය හිමිව ඇති නමුත් තවමත් එම ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැත. මේ හේතුවෙන් ඖෂධ වර්ග 50 ක් පමණ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය අවසර ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...