ලිට්රෝ සමාගම යළිත් ලාබ ලබයි – ඩොලර්වලින් ගෑස් මිලදී ගන්නත් අවස්ථාව

Date:

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල යළිත් සංශෝධනය කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 – 200 අතර මිලකින් අඩුවනු ඇති බවයි වාර්තා වන්නේ.

දිගින් දිගටම පාඩු ලැබූ ලිට්රෝ සමාගම යළිත් ජුලි මාසයේ සිට ලාබ ලබමින් සිටින අතර අගෝස්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 700 ක ලාබයක් අත්පත් කරගෙන තිබෙනවා. සමාගම ලාබ ලබන තත්වයට පත්වීම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහත වැටීම සලකා බලා මෙම මිල සංශේධනය සිදු කෙරේ.

මේ අතර ඇමරිකානු ඩොලර්වලින් ගෑස් මිලදී ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. මේ සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දීමට නියමිත අතර විදෙස් රටවලට සිටින පුද්ගලයන්ට, මෙරට සිටින සිය සමීපතමයන්ගේ ගෑස් බිල අදාල ඇප් එක හරහා ඩොලර්වලින් ගෙවිය හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

මෙසේ උපයා ගන්නා ඩොලර් ගෑස් ආනයනය හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා භාවිතා නොකරන බවද මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...