රනිල්ගේ නිවසින් පොත්, බුදු පිළිමයක් සොරාගත් අයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට කෝල් කරලා

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසින් පොත් තොගයක් හා බුදු පිළිමයක් සොරාගත් පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු දුරකතන අංකයකට ඇමතුමක් ලබා දී ඇති අදාල පුද්ගලයා පවසා තිබෙන්නේ පොත් තොගය හා බුදු පිළිමය යළි බාරදීමට සූදානම් බවයි.

මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් ලබා දී තිබෙන්නේ එම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි.

පොත් තොගය සහ බුදු පිළිමය ආරක්ෂිතව තිබෙන බවත්, ඒවා ලඟ තබා ගැනීම සිතට බියක් ගෙනදෙන හෙයින් යළි බාරදීමට සූදානම් බවත් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සඳහන් කර තිබේ.

ජූලි 09 වැනිදා ඇති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල විරෝධතාවයක් පැවති අතර විරෝධතාකරුවන් පිරිසක් නිවසට ඇතුළු වී අලාභ හානි සිදුකර නිවසට ගිනිතබා තිබිණි. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පොත් දහස් ගණනකින් සමන්විත පුස්තකාලය විනාශ වී බුදු පිළිම ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අස්ථානගත වී තිබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...