රනිල්ගේ නිවසින් පොත්, බුදු පිළිමයක් සොරාගත් අයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට කෝල් කරලා

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසින් පොත් තොගයක් හා බුදු පිළිමයක් සොරාගත් පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු දුරකතන අංකයකට ඇමතුමක් ලබා දී ඇති අදාල පුද්ගලයා පවසා තිබෙන්නේ පොත් තොගය හා බුදු පිළිමය යළි බාරදීමට සූදානම් බවයි.

මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් ලබා දී තිබෙන්නේ එම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි.

පොත් තොගය සහ බුදු පිළිමය ආරක්ෂිතව තිබෙන බවත්, ඒවා ලඟ තබා ගැනීම සිතට බියක් ගෙනදෙන හෙයින් යළි බාරදීමට සූදානම් බවත් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සඳහන් කර තිබේ.

ජූලි 09 වැනිදා ඇති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල විරෝධතාවයක් පැවති අතර විරෝධතාකරුවන් පිරිසක් නිවසට ඇතුළු වී අලාභ හානි සිදුකර නිවසට ගිනිතබා තිබිණි. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පොත් දහස් ගණනකින් සමන්විත පුස්තකාලය විනාශ වී බුදු පිළිම ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අස්ථානගත වී තිබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා...

මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්ම වෙන්නේ ඇමරිකානු බළල් අතක් – කුමාර් ගුණරත්නම්

මැදපෙරදිග අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි දේශපාලනය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී...

කෙහෙළිය ඇතුළු 12ක අධි චෝදනා ගොණු කරයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්...