*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

වර්ණබේදයට විරුද්ධ වේගය නවතියි

ශ්‍රී ලංකාව ලැබූ අපකීර්තිමත්ම ටෙස්ට් ජයග්‍රහණයේ විශාලතම කීර්තිය අහිමි වූ පුද්ගලයා වන්නේ හීත් ස්ට්‍රික්ය.කොළඹ එස්එස්සී පිටියේදී 1998 ජනවාරි 18 වන දින ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් හිමි වෙමින් නිමා වූ එම තරගයේ දී හීත් ස්ට්‍රික් ලකුණු 326 ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ලැබී තිබූ ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 5 න් හතරක්ම දවා ගත්තේය.පස්වන කඩුල්ල දැවී යන විට ශ්‍රි ලංකා ලකුණු පූවරුව ලකුණු 137 ක් විය.
එතැන් සිට ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකාව රැඟෙන ගියේ අර්ජුන රණතුංග සහ අරවින්ද සිල්වා ය.ඔවුන් දෙදෙනා නොදැවී පන්දුවට පහර දුන්නාට වඩා විනිසුරුවන් ඔවුන්ට දැවී යන්නට ඉඩ නොඳුන් බව එකල ජාත්‍යන්තර විචාරකයන්ගේ ද මතය විය.
ස්ට්‍රික් සිම්බාබ්වේ දේශයෙන් බිහි වූ සුපිරිතම පන්දු යවන්නා බව අදටද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේය.ඔහු ටෙස්ට් තරග 65 දී කඩුලු 216 ක් දවා ගන්නට සමත් විය.ස්ට්‍රික් අවශ්‍යය මොහොතේ දී සිම්බාවේ කණ්ඩායමට පිත්තෙන්ද දායකත්වය දුන් ක්‍රීඩකයෙකි.ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක එකොළහක් ඔහුගේ නම ඉදිරියේ සටහන්ව ඇත.එක්දින පිටියේ කඩුලු 239 මෙන්ම අර්ධ ශතක 13 ක් සමඟ ලකුණු ලබා ගැනීමේ වේගය ලෙස 28.28 ක් පවත්වා ගෙන යන්නටද ස්ට්‍රික් සමත් වී ඇත.
මුගාබේ රජයේ වර්ගවාදී යාන්ත්‍රණය කෙරෙහි හීත් ස්ට්‍රික් පැහැදුණේ නැත.එය බොහෝ විට ස්ට්‍රික්ගේ ජීවිතයේ ක්‍රීඩක භූමිකාවේ නිමාවටද බලපාන්නට ඇත.ඔහු සිය ජීවිතයේ අවසාන කාලය ගෙවූ ගොවිපළ අක්කර 8000 ක් වූයේ එහි කොටසක් මුගාබේ රජය විසින් උඳුරා ගත් නිසාය.පරිසරයට සත්තුන්ට ප්‍රේම කළ ව්‍යාපාරිකව එ් හා බැදුණු ස්ට්‍රික් ජීවිතයෙන් නික්ම යාමට පෙර අවසාන වෘත්තිය සහ ව්‍යාපාරය විදිහට පවත්වාගෙන ගියේ සෆාරි සවාරි ගොවිතැනය.
හීත් ස්ට්‍රික් පසුව පුහුණුකරු හැටියට ද සිම්බාබ්වේ කණ්ඩායමට විශාල සේවයක් සිදු කළේය.නමුත් මුගාබේ ගේ උදහසට ලක් වූ ස්ට්‍රික් ජාතිවාදී හැටියට හංවඩු ගසා තනතුරෙන් පහ කිරීමට සිමිබාබ්වේ ක්‍රිකට් පරිපාලනය කටයුතු කළේය.අවසානයේ ඔහුට තරග තොරතුරු ලබා දීම වෙනුවෙන් අයිසීසීය වෙතින් වසර හයක තහනමක් පැනවීය.
ඔහු ජීවිතයෙන් නික්ම යන්නේ ද ඒ තහනම විඳිමින්ය.ඒ චෝදනාවන් හීත් ස්ට්‍රික් ප්‍රතික්ෂේප කළත් ඉට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගනු වෙනුවට දඬුවමත් සමඟ ඔහු නිහඬ විය.
ලෝකයේ හීත් ස්ට්‍රික් සමය තුළ ඔහු ලොව සිටින හොදම වේග පන්දු යවන්න්ගේ ලැයිස්තුවේ ස්ථාවරව සිටියේය.දේශ සීමාවන් අභිබවා පැමිණ ඔහුගේ වේගයට ක්‍රිකට් ලෝලීහු පෙම් බැන්දහ.කාලයත් සමඟ බොහෝ හිස් තැන් පිරී ගිය ද සිම්බාබ්වේ කණ්ඩායමේ හීත් ස්ට්‍රික් ඇති කළ හිස් තැන තවමත් පිරී නැත.
ක්‍රිකට් ජන්මයෙන්ම රැරගෙන උපන් හීත් ස්ට්‍රික්ගේ සාර්ථකත්වය පිටුපස පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙක් වූ ඔහුගේ පියා, ඩෙනිස් ස්ට්‍රික් රැඳී උන්නේය.ඩෙනිස්ට වඩා පියවර ගණනාවකින් ඉදිරියට ගිය හීත් ස්ට්‍රික් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දස්කම් නිසාම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම්වලට ද ආරාධනා ලද්දේය.ඔහු හැම්ප්ෂයර් මෙන්ම වෝවික්ෂයර් ප්‍රාන්තවලට ද ක්‍රීඩා කළේය.
ක්‍රිකට් දක්ෂතාවලින් මෙන්ම,වේගය අතින් ද,ඩෙනිස් හැමිල්ටන් ස්ට්‍රික් ඉක්මවා යන්නට සමත් වූ හීත් හැමිල්ටන් ස්ට්‍රික්ට සිය පියාව ආයුෂවලින්නම් ඉක්මවා යන්නට නොහැකි විය.ඒ නිසා ජීවිතය අර්ධ ශතකයට එකක් පිටුපසින් තිබියදී පිළිකාවට භාර දී නික්ම යන්නට හීත් ස්ට්‍රික්ට සිදු විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු කෙතරම් දක්ෂතා දැක් වුව ද,කෙතරම් චෝදනාවන්ට ලක් වුව ද ලෝකයේ කිසිවෙක් ඔහුට දොස් නොකියන කාරණයක් වන්නේ ඔහු වර්ණබේද වාදයට එරෙහිව පෙනී සිටීම ගැනය.මුගාබේ ගේ පාලනය යටපෛෟද්ගලිකව සිය දේපළ පවා අහිමි කර ගනිමින් ඔහු පෙනී සිටිය ද අවසානයේ සිම්බාවේ පාලකයින් මුගාබේගෙන් පසුවත් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පැමිණි හීත් ස්ට්‍රික් වර්ණබේද වාදයේම ගිල්වා අපකීර්තියට පත් කරන්නට වෙර දැරීය.
මීට පෙර ද ඔහු ආසන්න දිනෙක අසාධ්‍යය තත්තවයේ සිටියදී මිය ගිය බවට වාර්තා පළ විය.ඒ අවස්ථාවේදී ඒ ප්‍රවෘත්තිය බොරුවක් බව සනාත කරමින් ස්ට්‍රික් සමඟ කතා කර පුවතක් පළ කරන්නට ප්‍රථම හෙන්රි ඔලොන්ගා තමන් සමඟ පන්දු යැවීම ඇරඹූ ස්ට්‍රික් ගැන සටහන් කළේ මේ ආකාරයටය.
අපි බිහිකළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා. ඔබ සමඟ සෙල්ලම් කිරීම සතුටක්. මගේ පන්දු යැවීමේ වාරය අවසන් වූ විට අනෙක් පැත්තෙන් ඔබව හමුවෙමු.”
ඔලොන්ගා ද වර්ණබේද වාදයෙන් දුරස්ව සිය කළු හමට වරදාන වරප්‍රසාද ගැනීමට තිබූ ඉඩ අත් හළ ක්‍රීඩකයෙක්ය.ඔහු හීත් ස්ට්‍රික් සළකන්නේ ද ඒ ගොනුවේම තිබෙන මනුස්ස හදවතක් හැටියටය.සිම්බාබ්වේ නායකත්වයට,පුහුණුකාරත්වයට පමණක් නොව ස්ට්‍රික් ලෝකයේම වෘත්තීය ක්‍රිකට් භූමිකාව ඇතුළේ සැරි සැරූ විශිෂ්ඨයෙක්ය.ක්‍රිකට් ලෝකයේ ඔහුව දේශ සීමාවන්වලින් වළක්වා නොතිබිණ.
ඔහු අයිපීඑල් තරගාවලියේදී ද පුහුණුකරුවෙක් හැටියට නිතර දකින්නට ලැබුණ චරිතයක්ය.ඔහුව ක්‍රීඩකයෙක් හැටියට මෙන්ම පුහුණුකරුවෙක් හැටියට ද ඇසුරු කර ඇති හර්බජාන් සිං සිය සමකාලින ක්‍රිකට් ක්‍රීඩකයාගේ අකල් වියෝව ගැන පැවසුවේ “ “හීත් ස්ට්‍රීක් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් නොව අපූරු මහත්මයෙක්ද විය. ඔහුගේ වියෝවත් සමඟ එයත් මෙතරම් තරුණ වියේදී ක්‍රිකට් ලෝකයට මැණිකක් අහිමි විය. යනුවෙන්ය.
කුමන අන්දමේ චෝදනාවලින් දමා ගැසුවද මේ වේග පන්දු යවන්නා මහත්මයෙක් සේ සළකුණු කළ මතකවලට පළුඳු කරන්නට නොහැකිය.ඔහුට වඩාත්ම ගරු කළ යුත්තේ මුගාබේ රජය යටතේ වර්ණබේද වාදය පාදක කර ගනිමින් දේශය විනාශකාරී දිශාවකට ඇද යමින් ධනවතුන්ගේ මඩි තර කළ ජඩ දේශපාලනයට විරුද්ධව තමන්ට භෞතිකව සිඳුවන හානිය නොතකා කොන්ද කෙළින් තබා හිට ගැනීමට තිබූ හයියටය.
මුගාබේ රජය පෙරළා දමන්නට පුරවැසියාට මග පෙන් වූ එඩිතර මිනිස් කැළ තුළ හීත් ස්ට්‍රික්ගේ වේගයද තිබුණු බව අප පිළිගත යුතුය.ඒ ඉදිරිපත් වීම අහිමි වීමක් නිසා ඇති වූ තැවුලෙන් කළ එකක් නොවිණ.ඇත්තටම අහිමි වීම් සිදු වූවේ ඒ ඉදිරිපත්වීමෙන් පසුවය.
හීත් ස්ට්‍රික් වේගය නිසා ක්‍රිකට් ලෝලීන්ගෙ හදවතට වේගයෙන් ඇදී ඇවිත් තැන්පත් වූ චරිතයක්ය.ඔහු දිසි සැරිය නිම කළ ද ඔහුගේ වේගය මැවූ ක්‍රිකට්මය මතක සහ සමාජමය භාවිතාවන් හදවතෙන් වේගයෙන් ඉවත යන්නේ නැත.
ස්ට්‍රික් ඔබට ආචාරය!

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan