මාලිමාව රට හදන්න පටන් ගන්න තැන මෙන්න!

Date:

කොළඹ LNW: රට හදන්න නම් පළමුව වංචාව,දුෂණය,හොරකම නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් එය ජාතික ජන බලවේගය විසින් හදුනා ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) ජා ඇල මහජන රැළිය අමතමිනි.

හොරකම් වලට අදාළව දඬුවම් දිය හැකි තැනට නීතිය පැමිණි පසු එම හොරකම් වංචා,දුෂණ නතර කළ හැකි බවයි විජිත හේරත් මහතා කියා සිටියේ.

;;ලී ක්වාන් යූ බලයට පැමිණි ගමන් කළේ ජාතික සම්පත් කොල්ල කාපු අයට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දුන්නා. දීලා කූඩුව ඇතුළට දාලා තඩි ඉබ්බෙක් දාලා වැහුවා. එහෙම කළාට පස්සේ එකෙක් හොරකම් කරන්න ආවේ නැහැ. අන්න සිංගප්පූරුව ආර්ථික වශයෙන් වේගවත්ව ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් තිබෙනන්රටක් බවට පත්වුණා. අද අපි බංකොලොත් වෙලා තිබෙනවා. ඇයි? මේ හොරකම දුෂණය නිසා. ඒ නිසා රට හදන්න ඕන පළමු වෙනි තැන එතන. අපි ඒක හදුනාගෙන තිබෙනවා. ඒක කාගෙන්වත් පළිගන්න හරි වෛරයක් පිරිමහගන්න හරි පරණ ඇරියස් එකක් කවර කරන්න නෙවෙයි. එතනින් එහාට යම්කිසි හෝ හිතක් තියෙනව නම් හොරකම් කරන්න වංචාවක් කරන්න අන්න ඒක නතර කරන්න නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. හොරුන්ට අදාළව නීතිය දඬුවම් දෙන තත්ත්වයට එන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක නතර වෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි අම්මේ තාත්තේ අපි ඒක කරන්නේ. ඒකෙන් තමයි රට හදන්න පටන් ගන්නේ.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...