*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

චීන-අප්‍රිකා සබඳතාව පිළිබඳ චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක් වුණා. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීයි පැවැත්වුණේ.

සියලු දෙනා එක්ව නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අවශ්‍යතා ව පෙන්වා දෙමින් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය සිදු කළා.

ගෙවුණු වසර 24 තුළ, චීනය සහ අප්‍රිකාව එක්ව අත්වැල් බැඳගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කරමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නා. ආර්ථික ගෝලීයකරණය මධ්‍යයේ දෙපාර්ශ්වය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින අතර, ඵලදායි ප්‍රතිලාභ රැසක් චීන සහ අප්‍රිකා ජනතාවට හිමි වී ඇති බව චීන ජනාධිපතිවරයා පැවසුවා.

චීනය හා අප්‍රිකාව අංග හයකින් සමන්විත නවීකරණය එක්සත් ව ප්‍රවර්ධනය කළ යුතු බව ද එහිදී පෙන්වා දී තිබෙනවා.

නවීකරණ සංවර්ධන අවස්ථාව කිසිදු රටකට අහිමි නොවිය යුතු අතර නවීකරණ ගමනේදී බිලියන 2.8 ක චීන-අප්‍රිකානු ජනතා බලය එක්රැස් කර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරමින් සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා ප්‍රගතිය සහිත සුන්දර අනාගතයක් කරා ලෝකය එක්ව මෙහෙයවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan