නිවාඩු ගැන මැ.කො. ගෙන් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

මැතිවරණ කොමිෂන් සභාව විසින්, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

සේවා ස්ථානයට ආසන්න සේවකයන්ට අවශ්‍ය යැයි හැගෙන්නේ නම් අවම පැය 04 ක කාලයක් වැටුප් රහිතව විශේෂ නිවාඩු ලබාදිය යුතු වන අතර, සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ට හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදි යුතුයි. කිලෝමීටර් 40 ත් 100 ත් අතර දුරක් පවතින්නේ නම් දිනක නිවාඩුවක් හිමියි.

කිලෝමීටර් 100 ත් 150 අතර දුරක් පවතින්නේ නම් දින එක හමාරක නිවාඩුවක් හිමිවන අතර කිලෝමීටර් 150ට වඩා වැඩි දුරක් පවතින්නේ නම් දින 2 ක නිවාඩුක් ලබාදිය යුතු වේ. දිවයිනේ ඇතැම් ඡන්ද දායකයන් ස්වකීය ඡන්ද පොලට යාමට හා ඒමට දින තුනක් ගතවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් අවස්ථාවෝචිතව දින 03 ක් නිවාඩු දීමට කටයුතු කරන ලෙස ද දන්වා තිබෙනවා.

සේවකයන් සිය නිවාඩු ඉල්ලීම ලිඛිතව  ඉදිරිපත් කළ යුතුයි. සෑම සේවා යෝජකයෙකුම විශේෂ ඉල්ලීම් කළ තැනැත්තා හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛණයක් පිලියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...