විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය.
කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.
සමඟ එක්වන්න උදෑසන පුවත්(09/05)