නැවත වරක් අපි මේ රට ආසියාවේ ආඩම්බරය බවට පත්කරනවා – නාමල්

Date:

කොළඹ LNW: නැවත වරක් ශ්‍රී ලංකාව ආසියාවේ ආඩම්බරය බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වගකීමක් ඇති පුද්ගලයින් ලෙස කළ හැකි දේ කරන බවත් නොකළ හැකි දේ ගැන නොබියව බැරි බව ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කරයි.

”අපිට කරන්න පුළුවන් දේ අපි පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැ කියනවා. අපට විශ්වාසයක් තියෙනවා ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලත් එක්ක නැවත වතාවක් ආසියාවේ ආඩම්බරය බවට මේ මාතෘ භූමිය සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ පරිවර්තනය කරන්න අපට හැකියාව සහ ශක්තිය තියෙනවා. ඒ හැකියාව් අපට තියෙනවා. අපිට ඕනේ ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන්න. මේ නාගරික ප්‍රදේශයේ ජීවත් වෙන අමමා තාත්තා අපි දන්නවා අභියෝගාත්මක කාලයක් පහුකලා. පහුගිය කාලේ විදුලිය පැය ගාණක් කැපුණා. එහෙම වුණේ යහපාලන කාලේ එක මෙගාවොට් එකක්වත් විදුලි බල පද්ධතියට එකතු කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පටන් ගත්ත උමා ඔය ව්‍යාපෘතිය නැවැත්තුවා. සාම්පූර් විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවැත්තුවා. අවසානයේ ඒකේ පලවිපාක විදින්න ලැබුණේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට. හැබැයි අපි පැහැදිලිවම කියනවා අපි ඉදිරියේ හදන ආණ්ඩුවක් තුළ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි මින් ඉදිරියට කිසිම දේශපාලඥයෙකුට හෝ ආණ්ඩුවකට රටේ බලශක්ති සුරක්ෂිතතාවය මඟහරින්නත් අපි ඉඩ තියන්නේ නෑ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...