අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු දස දහසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 05, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2024 පාසල් වාරය සඳහා අවුරුදු 19 න් පහළ පාසල් තරගාවලියේ 1, 2, සහ 3 යන අංශ ආවරණය වන පරිදි ක්‍රීඩා කරන පාසල් 490ක් අතර ක්‍රිකට් පන්දු 10,000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබෙනවා.එහි සමාරම්ය සටහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලට පන්දු ප්‍රදානය කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී පාසල් නායකයින්, ස්ථානාධිපතිවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහභාගි වූ අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ප්‍රසන්න සෙනෙවිරත්න, ලේකම් ලීලානන්ද කුමාරසිරි,භාණ්ඩාගාරික ඩී.එම්. රාජරත්න, සහකාර ලේකම් කමල් ඉන්ද්‍රජිත් ද එක්ව සිටියහ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මංපෙත් වැඩසටහන යටතේ දිවයිනේ පාසල් හරහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රිකට් පන්දු ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වැඩසටහනේ කොටසක් වන අතර වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩා කරන පාසල්වලට ද පන්දු පිරිනැමීම සිඳු කරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...