*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මයිකල් බාර්නියර් නම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මයිකල් බාර්නියර් හෙවත් මොන්සියර් බ්‍රෙක්සිට් නම්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

කිසිවෙකුට බහුතර බලයක් නොමැතිව පසුගිය ජුලි මාසයේදී ප්‍රංශයේ පැවති හදිසි මැතිවරණය නිමාවීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුවක් පිහිටු වීමට සිදුවනු ඇති අතර 1958 පස්වන ජනරජය බිහිවීමෙන් පසු ප්‍රංශයේ වයස්ගතම අගමැති වේ.

කෙසේ නමුත් 73 හැවිරිදි බාර්නියර් මහතා යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර එක්සත් රාජධානියේ රජය සමඟ සාකච්ඡා මෙහෙයවණු ලැබූ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු වේ. දක්ෂිනාංශික රිපබ්ලිකන් (LR) පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක්ම හොබවා ඇතිමුත් මැක්‍රොන් මහතාගේ අගමැති තේරීම දැනටමත් වාමාංශික නව ජනතා පෙරමුණ (NFP) තුළ අතෘප්තියට හේතු වී ඇත.

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරනයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් වාමාංශික සභාගයේ කොටසක් වන සමාජවාදී පක්ෂ නායක ඔලිවියර් ෆෝරේ ප්‍රකශ කර තිබුණේ, මැක්‍රොන් සිව්වන ස්ථානයට පත් වූ පක්ෂයෙන් අගමැතිවරයෙකු පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමක්වන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan