ඉවතට විසි වූ රාජ්‍ය අමාත්‍යවරු මෙන්න.

0
834

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

වහාම ක්‍රියාත්මක වන පරිදි, රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර ඇති බව සඳහන් වේ.