UPDATE : ඇල්ලේ බිහිසුණු බස් අනතුරක්. 15 දෙනෙකු මරුට !

Date:

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු 24 කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් ඊයේ (04) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 09.20 ට පමණ මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබිණි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තංගල්ල නගරසභාවේ සේවකයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රථයක් බව සඳහන්. ඔවුන් ආපසු තංගල්ල බලා යටින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම අනතුරින් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ, කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු වශයෙනි. තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් එම පිරිසකට ළමුන් 5 දෙනෙකු ද අයත් වන බවත් වාර්තා විය.

යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව කඹ යොදාගෙන ප්‍රපාතයට බැස තුවාලකරුවන් බේරාගැනීමේ කටයුතු සිදු කළහ.

බස් රථය පෙරළී යාමේදී මගීන් එයින් පිටතට විසිවී තැන්තැන්වල විසිරී සිටීම, ප්‍රපාතයේ බිහිසුණු බව මෙන්ම දැඩි අඳුර ද හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් ඉතාම දුෂ්කර වී තිබිණි.

බස් රථයෙන් චාරිකාවේ නිරත වූ පිරිස

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...