තවත් සමුහ මිනීවළක් ඇති බවට තොරතුරු හෙළි වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW:

තවත් සමුහ මිනීවළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශය නිරීක්ෂණය කරමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටී. ඒ මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි ප්‍රදේශ වල බව පැවසේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අදාළ පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ, පසුගිය වකවානුවලදී අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන වත්මන් රජය ආරම්භ කර තිබෙන අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබඳව තැබූ විශ්වාසය හේතුවෙන් අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධ පැමිණිලි ලැබීම වැඩී වී ඇති බවයි.

ඒ අනුව චෙම්මිණි සමුහ මිනී වළේ කැණිම් කටයුතු මේ වන විට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලයේ මැදිහත්වීමෙන් සාර්ථකව සිදු වන බවද ඔහු සඳහන් කළ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේ. මෙවැනි පරීක්ෂණ කටයුතු සිදු කරමින් අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණිය අවසානයක් ලබාදීමට ක්‍රියා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...