රට ගොඩගන්න නම් පාර්ලිමේන්තුවේ 175 දෙනෙකුගේවත් සහයෝගය ජනපතිට අවශ්‍යයයි – වජිර

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩගැනීම සඳහා සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බව දිගින් දිගටම ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියේ භාරකාරත්වය භාර අරගෙන තිබෙනවා. එහෙනම් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය එතුමා දිගින් දිගටම ඉල්ලනවා. මේ රට වැටුණු තැනින් ගොඩගන්න නම් අඩුම ගාණේ පාර්ලිමේන්තුවේ 175 දෙනෙකුගේවත් සහයෝගය අවශ්‍ය බව එතුමා දිගින් දිගටම ප්‍රකාශ කරලා තිබෙනවා. ගැලපෙන – නොගැලපෙන සියලුම දේශපාලන පක්ෂ එකතු කරගැනීම සඳහා ජාතික වැඩසටහනකට එකමුතු කරගැනීම තමයි කරගෙන යන්නෙ. එවැනි දෙයක් උදේ බලලා හැන්දෑවෙ පටන් ගන්න බෑ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G20 සමුළු විරෝධතා සඳහා දකුණු අප්‍රිකාව වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...