යුපුන් ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ තැනක් ශ්‍රී ලංකාවට වෙන් කර දෙයි

Date:

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ සුරිච් හී පැවත්වෙන අවසාන තරගයට LNW අගෝස්තු 28 වන දා වාර්තා කළ ආකාරයට යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා සිටිනවා.ඒ අනුව ඩයමන්ඩ් ලීග් තරග ඉතිහාසයේ තරගයක් ක්‍රීඩා කර පමු ලාංකිකයා වීමේ යුපුන්ගේ වාර්තාවට තවත් කොටසක් එක්වෙමින් යුපුන් ඩයමන්ඩ් ලීග් තරග ඉතිහාසයේ අවසන් තරගයක් නියෝජනය කරන පළමු ලාංකිකයා බවට ද පත් වෙනවා.
බෙල්ජියමේ බ්‍රසල්ස් හි අවසාන මහා තරගයට පෙර පැවති ඩයමන්ඩ් ලිග් තරගය වන විට යුපුන් අබේකෝන් සිටියේ 8 වන තැනයි.අට වන තැන වන විට ක්‍රීඩකයින් නව දෙනෙක් සිටි අතර ඔහු සමඟ සම ලකුණු ගෙන අටවන තැන බෙදා ගෙන සිටියේ ඇමෙරිකාවේ කයිරී කින්ග්. ඔවුන් දෙදෙනාටම ලකුණු 9 බැඟින් හිමිව තිබුණා.

බ්‍රසල්ස් හි පැවති තරගයේදී මීටර් 100 තරගයේ ලකුණු සටහන වෙනස් නොවූ අතර පළමු ස්ථාන දෙකක්,තෙවන ස්ථාන දෙකක් සහ හයවන ස්ථාන දෙකක් සමඟ අටවන ස්ථාන දෙකක් මෙහිදි ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් අතර දැක ගන්න තිබුණා.ඒ අතර සිටි ඇමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි සහ ක්‍රිස්ටියන් කෝල්මන් සහභාගි වන්නේ නැති තත්ත්වයකදි අප අගෝස්තු 28 වන දා ප්‍රවෘත්තීයේ දැක් වූ පරිදි එම ස්ථානයට මීටර් 100 ශ්‍රේණිගත කිරීම් හි 10 වන තැන සිටි කැනඩාවේ ආරෝන් බ්‍රවුන් එක්ව තිබෙනවා.මේ සමඟ මීටර් 100 අවසාන තරගයට සැප්තැම්බර් 8 දා සුරිච් හී දී තරග වඳින ක්‍රීඩක නාම ලේඛණය දක්වා තිබෙනවා.
අගෝස්තු 28 වන දා ප්‍රවෘත්තියට මෙතනින් පිවිසෙන්න

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...