*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ගෝඨාභයට තනතුරු දෙන එක ගැන කිසිම සාකච්ඡාවක් නෑ – රුවන් විජේවර්ධන

ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා කර නොමැති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කිරීමට සූදානම් වන බවට මේ දිනවල පැතිර යන පුවත් සම්බන්ධයෙන් ඊයේ කොළඹදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මත හිටපු ජනාධිපතිවරයාට මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බවත්, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි සියලු පහසුකම් ඔහුට ලබා දී ඇති බවත් එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කළ යුතු බවට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා යළිත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan