ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරයි – 12.5 සිලින්ඩරය 113 කින් අඩු කරයි

Date:

ලිට්රෝ සමාගමේ නව ගෘහස්ත ගෑස් මිල ගණන් එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

එම සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩුකර තිබේ. ඒ අනුව මෙතෙක් 4664 ක් ලෙස පැවති 12.5 සිලින්ඩරය 4551 කට මිලදී ගත හැකිය.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1872 සිට 1827 ක් දක්වා රුපියල් 42 කින් පහත දමා ඇති අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 869 සිට රුපියල් 848 ක් දක්වා රුපියල් 21 කින් පහත දමා ඇත.

පසුගිය මාස 02 ක කාලය තුළදී ලිට්රෝ සමාගම යළිත් ලාබ ලබන තත්වයට පත්ව ඇති අතර අගෝස්තු මාසයේදී පමණක් සමාගම අත් කරගෙන ඇති ලාභය රුපියල් මිලියන 700 ඉක්මවා තිබේ.

සමාගම ලාබ ලබන තත්වයට පත්වීම හා ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහත වැටීම සලකා මෙම මිල සංශෝධනය සිදුකර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...