ශිෂ්‍යත්වයෙන් ප්‍රථමයා වූ ධනෝජ් කොළඹ රාජකීය විද්‍යාලයට :අතහිත සර්වජන බලයෙන්!

සැප්තැම්බර් 05, කොළඹ LNW :

සර්වජන බලයේ නායක පා.ම දිලිත් ජයවීර මහතා, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේම ප්‍රථමයා වූ දනෝජ් තීක්ෂණ පුතනුවන් සහ ඔහුගේ දෙමාපියන් මුණ ගැසී, ධනෝජ්ගේ ඉදිරි අධ්‍යාපනික වැඩ සඳහා ආශිර්වාද කරමින්, ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දීමද සිදුකළ බව සඳහන් වේ.

අඩුපාඩු, දුෂ්කරතා සිය ගමනට බාධාවක් කර නොගත් ධනෝජ් පුතණුවන් කුරුණෑගල ප්‍රදේශයේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර, රටටම ආදර්ශයක් ගෙන දෙමින් දුෂ්කරතා ජයගගෙන අද රටම ජයග්‍රහණය කර ඇති බවත්, ධනෝජ් ශිෂ්‍යයා මේ වනවිට වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය වෙත පිවිසීමට වරම් ලැබූ බවද දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ අනුව , මෙම දුක් ගැහැට ,කම්කටොලු මැදින් ජීවිතය ජයගන්නට වෙර දරණ ධනෝජ් තීක්ෂණ ශිෂ්‍යාහට ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු සඳහා සියළු වියදම් සර්වජන බලයෙන් සිදුකිරීමට පොරොන්දු වී ඇති අතර, මේ වන විට දරුවා දීර්ඝ කාලීන වෛද්‍ය සායන සඳහා යන සියළුම වියදම් ද ලබාදීමට සර්වජන බල නායක දිලිත් ජයවීර මහතා තම පෞද්ගලික කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

තවද, ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ධනෝජ්ට සුබ ප්‍රාර්ථනා කරන බවද සර්වජන බලයේ නායක පා.ම. දිලිත් ජයවීර මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...