සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 05 : බොලිවියාවේ හමුදා කඳවුරක සිදුවූ ප්රබල පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
බලධාරීන් පවසන්නේ, පයිරොටෙක්නික් ද්රව්ය ගබඩා කර තිබූ පහසුකමක මෙම පිපිරීම් සිදුව ඇති බවයි.
පිපිරීම්වලින් පසුව පුද්ගලයන් හත්දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වන අතර සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පිපිරීම්වල නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

