කොළඹ LNW:ගී පද රචක රවී සිරිවර්ධනගේ නවතම ගේය කාව්ය සරණිය, ”ප්රේමයේ මුනිවරිය” දොරට වැඩුම පසුගියදා සිදුවිය.
පසුගිය 02 වැනිදා ශ්රී ලංකා පදනම් ආයතනයේදී එය සිදුවූ අතර එය KBOOKS ප්රකාශනයක් ලෙස එළිදක්වන ලදී.
එහිදී සංගීතවේදී නදීක ගුරුගේ,සංගීතවේදී රංග දසනායක,විචාරක විදර්ශන කන්නන්ගර සහ කොමෂල් ක්රෙඩිට් ප්රධාන විධායක නිලධාරී රොෂාන් එගොඩගේ සංවාද ගත වීම සිදුවිය.
ආදරය ක්රියාපදයක්? සහ ලංකාවේ සින්දු ඉවරයි? යන තේමාවන් මත හිඳිමින් එකී සංවාදය පැවැත්විය.
මෙම අවස්ථාවට මැති ඇමතිවරු ඇතුළු සාහිත්ය රසකාමීහු රැසක් එක්ව සිටියහ.
































