කොළඹ LNW:2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලය තුළ රේගුව උපයා ඇති ආදායම, පසුගිය වසරේ ජනවාරි සහ අගෝස්තු අතර කාලය තුළ උපයා ඇති ආදායමට සාපේක්ෂව 25% ක වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
මේ වසරේ අගෝස්තු මාසය සදහා රේගුවට ලබා දී තිබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 190.3 කි. නමුත් එම ඉලක්කය පසුකර රුපියල් බිලියන 219.3 ක ආදායමක් අගෝස්තු මාසයේ දී ඉපැයීමට රේගුවට හැකි වී තිබේ.
වසරේ මුල් මාස අට ත-ුළ රේගුව උපයා ඇති ආදායම රුපියල් බිලියන 1,852.5 කි. එය එම කාල සීමාව සදහා ලබා දී තිබුණු ආදායම් ඉලක්කය 28.5% කින් පසුකර යාමකි.
පසුගිය වසරේ දී රේගුව වාර්තා සහගත රුපියල් බිලියන 2,551 ක ආදායමක් උපයා ඇති අතර එය ඊට පෙර වසරේ ලබා තිබූ ආදායමට සාපේක්ෂව 64.2% ක වැඩි වීමක් ලෙස දැක්වුණි.


