අපරාධයකට සම්බන්ධ අය තමයි හොඳටම දන්නේ තමන් කොච්චර දුරට එකේ ගිලිලා හිටියද කියල. නාමල්ගේ සිද්ධිය ගැන ඇමති නලින්දගේ ප්‍රතිචාරය!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දක්වා තිබේ.

අධිකරණය ගනු ලබන තීරණ වලට පැලවත්තේ බලපෑම් ඇති බවට මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරනු දක්වා ඇත.

”පොලීසිය හෝ CID හෝ අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ ගරු අධිකරණය තමයි මොකක්ද ඉදිරි පියවර කියල තීන්දු කරන්නේ. මේ සිදුවන සිදුවීම් සියල්ලටම අධිකරණය විසින් තමයි කටයුතු කරන්නේ කියල තමයි කියන්න තියෙන්නේ.

අල්ලස් කොමිසම වේගයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා. පහුගිය ආණ්ඩු කාලයේදී සමහර විට අ ල්ලස් කොමිසම විසින් සමහර පැමිණිලි ඉවත් කරගෙන තිබුණා. ඒ පිළිබඳවත් පරීක්ෂණ කරලා , විමර්ශන කරලා යලිත් නඩු පැවරීම් කර තිබෙන බවට මම දැක්ක මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ සියලු දේ ගැන ගරු අධිකරණ විසින් තීරණය කරාවි.

අධිකරණය ගනු ලබන තීරණවලට පැලවත්තේ බලපෑම් ඇති බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කර තිබුණු අදහස් දැක්වීම ගැනද අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම සිදුකර තිබුණි.

”අපරාධයකට සම්බන්ධ අය සෘජුවම හෝ එකට උදව් කළ අය තමයි දන්නේ තමන් කොපමණ ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිලිලා හිටියද කියන එක. විමර්ශකයන්ට තියෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. විමර්ශකයන්ටවඩා කොහොමත් අපරාධයට සම්බන්ධ අය දන්නවා තමන් කොච්චර ඒ අපරාධයට සම්බන්ධ ද කියන එක.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...