සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 05 : ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස්ගේ බිරිඳ වන බෙගෝනා ගෝමෙස්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට ගමන් කරමින් පවතී.
2026 සැප්තැම්බර් 4 වනදා ගොමේස්ගේ නීතිඥවරයා විසින් ඉදිරි නඩු විභාගය සඳහා ඉදිරිපත් කළ ආරක්ෂක ලේඛනයකින් ඇය සියලු චෝදනාවලින් නිදොස් කරන ලෙස ඉල්ලා තිබේ.
ඇය අගමැතිවරයාගේ බිරිඳ වීමේ සම්බන්ධතාවය භාවිත කරමින් මැඩ්රිඩ්හි Complutense විශ්වවිද්යාලයේ කථිකාචාර්ය තනතුරක් ලබාගත් බවටත්, රාජ්ය මුදල් අයථා භාවිතය ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබුණි. කෙසේ වෙතත්, 2026 ජූලි මාසයේදී මැඩ්රිඩ් පළාත් අධිකරණය නඩුව බලපෑම් කිරීම සහ රාජ්ය මුදල් අයථා භාවිතය යන චෝදනා දෙක සම්බන්ධයෙන් ජූරි නඩුවක් ලෙස ඉදිරියට ගෙන යාමට තීරණය කළ අතර, අනෙක් චෝදනා දෙක ඉවත් කළේය.
එම අධිකරණ තීන්දුව මගින් ගොමේස්ගේ විදෙස් ගමන් බලපත්රය ඉවත් කිරීම සහ ස්පාඤ්ඤයෙන් පිටවීම තහනම් කිරීම ඇතුළු පූර්ව ආරක්ෂණ නියෝගද අවලංගු කර තිබේ.
මේ අතර, ඊයේ(04)දිනයෙදී පැවැති නඩු විභාගයේදී බෙගෝනා ගෝමෙස්ගේ නීතිඥවරයා නැවතත් අවධාරණය කර ඇත්තේ තම සේවාදායිකාව කිසිදු වරදක් සිදුකර නොමැති බවයි. කෙසේ නමුත්, නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් තවමත් ලබාදී නොමැත.

