2027 IMF එකෙන් ඉවත් වෙනවා. තව වැඩියෙන් සහන දෙන්නත් බලාපොරොත්තු වෙනවා – ටී.බී.සරත්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එළඹෙන 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත්වීමට නියමිත අතර දැනට පවතින සහනයන්ට වැඩ සහන ලබා දීමට බලාපොරොත්තු වෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

වත්මන රජය බලයට පත්වූ වහාම සිදුකළේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගැනීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව මුල් අයවැය ලේඛන මගින් අදියර කිහිපයකින් වැටුප් ඉහළ දැමූ අතර, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින්ද රුපියල් දසදහසකට ආසන්න මුදලකින් වැටුප් වැඩි වන බව ඔහු පවසයි.

මීට පෙර රුපියල් 17,000ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම වැටුප, ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන පරිදි සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමට නියමිත අතර රාජ්‍ය සේවකයින් වැටුප් පිළිබඳ පීඩනයකින් තොරව රාජකාරි ඉටුකිරීම කාර්යක්ෂමතාවයට අත්‍යවශ්‍ය කරුණක් බවත්, වත්මන් ආර්ථිකයට දරාගත හැකි උපරිම මට්ටමින් මෙම වැටුප් සංශෝධන සිදුකර ඇති බවත් ඔහු තවදුරටත් කියාසිටියි.

”වර්තමාන ආණ්ඩුව බලයට ආපු ගමන් පළවෙනියෙන්ම කරපු එක තමයි රජයේ වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීම. රුපියල් දහදාහකට ආසන්න පළමුවන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. දෙවෙනි අයවැය ලේඛනයෙනුත් ඒ ප්‍රමාණයම වැඩි කරනවා. තුන්වෙනි අයවැය ලේඛනය එනවා නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ ඒ ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා. එතකොට වැටුප් මීට කලින් තිබ්බේ අවම වැටුප රුපියල් දාහත්දාහකට ආසන්න දැන් ඒක ලබන අවුරුද්ද වෙනකොට හතලිස් දාහ ඉක්මවා යන වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ ඒක එල්ලලා එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි එහෙම කරේ රාජ් ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න…

”ඔබ පීඩාවකට පත්වෙමින් වෘත්තීය කරනවා නම්, විශේෂයෙන් වැටුප මත පීඩාවට ලක්වෙනවා නම්, ඒකට අපි ඇත්තටම උත්තරයක් දෙන්න ඕනේ. නැත්නම් ඔබේ රාජකාරිය හරියට සිද්ධ වෙන්නේ නෑ. ඉතින් අපි හිතනවා, විශාල වැටුප් වැඩිවීමක්, මීට වඩා වැටුප් වැඩි කරන්න පුළුවන් නම්, තවත් හොඳයි. හැබැයි අපේ රටේ ආර්ථිකයට උසුලන්න පුළුවන් ප් රමාණය තමයි, මේ වැඩි කරලා තියෙන්නේ. තව අපි බලමු, ඊළඟ වෙනකොට විශේෂයෙන් දෙදාස් විසි හත අවසන් වෙලා අපේ රට IMF එකෙන් ඉවත් වෙලා මීට වඩා සහන ලබාදෙන්න රජය බලාපොරොත්තු වෙන්නේ. ” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...