ස්නයිපරයක් ඉල්ලා ෆේස්බුක් පෝස්ට් දැමූ තරුණයා රිමාන්ඩ් !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එප්පාවල ප්‍රදේශයට පැමිණීමට නියමිතව තිබියදී එදිනට තමන්ට ස්නයිපර් ගිනිඅවියක් අවශ්‍ය බවට ෆේස්බුක් සටහනක් තැබූ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ එප්පාවල, මැඬියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

එප්පාවල ප්‍රදේශයේ පාසලක උත්සවයක් සඳහා ජනාධිපතිවරයා ලබන 07 වනදා සහභාගී වීමට නියමිත අතර මෙම තරුණයා පසුගිය 03 වනදා පෙරවරුවේ තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 07 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න” යනුවෙනි.

මෙම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර එම තරුණයාව එප්පාවල පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව සඳහන්.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් තමන්ට නොතිබුණු බවත් තමන් එම සටහන පසුව ඉවත් කරගත් බවත් ය. තමන් ස්නයිපර් ගිනිඅවි ගැන දන්නේ කෙසේදැයි විමසීමේදී ඔහු පවසා ඇත්තේ තමන් පරිගණක ක්‍රීඩා සහ ජංගම දුරකථන ක්‍රීඩාවල නිරත වන බවත් දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිපර් ගිනිඅවි යොදාගන්නා බව ඒවායින් දැනගත් බවත් ය.

මෙම තරුණයා බේකරි නිෂ්පාදන ජංගම අලෙවියේ (චූන් පාන්) නියුතු අයෙකු වන අතර ඔහු අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු නොවන බවත් පොලිසියට දැනගැනීමට ලැබී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...