අද (05) දිනයේ තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ

Date:

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින දහවල් 12:09 ට බම්බලපිටිය, මාලිබොඩ, කැප්පෙටිපොල, බඩල්කුඹුර සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...