ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දේශපාලන බලවේග පරාජය වුණා!

Date:

කොළඹ LNW: දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ගෙන ගිය බලවේග අසාර්ථක වී තිබෙන අබව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දේශිය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන ප්‍රමාද කිරීම මගින් විදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග කිහිපයක් ක්‍රියාත්මක වු අතර එහි එක පියවරක් වුයේ දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අධිකරණයේ මතය විමසිම බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අද දින පාර්ලිමේන්තුවට දැණුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් එම දුෂ්ඨ බලවේග දැරු උත්සහයන් ව්‍යාර්ථ වී ඇති බවත් ඔවුන්ගේ උත්සහය වුයේ ගොඩනැගෙන ආර්ථිකය හා රට දුර්වල කර පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීම බවත් හෙතෙම කියාසිටියි.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ මහතා ඇතුළු දෙදෙනෙකු විසින් ඊට අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම තින්දුව අනුව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධව දේශිය හා විදේශිය විශ්වාසනීයභාවය තහවුරු වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...