වසර තුනකට පසු රේල් පීලි නැවක් ශ්‍රී ලංකාවට!

කොළඹ LNW:ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ වසර තුනකට පසු මෙරටට රේල් පීලි නැවක් පැමිණ තිබේ.

දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද එම රේල් පීලි තොගය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ සමගි බහාලුම් පර්යන්ත පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මේ යටතේ වර්ග දෙකකට අයත් රේල්පීලි 10000ක්‌ චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන දෙකකට අධික වේ.

වසර තුනකට පසුව මෙරටට ලැබුණු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ ගෙන්වන ලද මෙම රේල් පීලි තොගය භාර දීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...