තවත් පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව අසත්‍යය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින්  සිදුවන හානි වලින්  පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එම පනත් කෙටුම්පතේ 3 කොටසේ දැක්වෙන පරිදි අර්ථ නිරූපණය කර ඇති වැරදි පහත පරිදි වේ.

ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ කිරීම,
අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම හා නිකරුනේ ප්‍රකෝප කරවීම,
අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,
ආගමික හැඟීම් වලට රිද්දවීමේ  ඒකායන චේතනාවෙන් අසත්‍ය  ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන්  සහ ද්වේශසහගත ලෙස අසත්‍ය  ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම ,
වංචා කිරීම,අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම,සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම,
කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය  ප්‍රකාශයක් සංසරණය කිරීම,
හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
ළමා අපයෝජනය,වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම,

යනුවෙනි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...