ජයසූරියට ඉඩ නැති වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

එංගලන්ත සංචාරයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයට අද ශ්‍රී ලංකාව තමන් සතු ප්‍රබලතම දඟ පන්දු යවන්නා නොමැතිව තරග කරන්නට තීරණය කර තිබෙනවා.ඕවල් ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු නැවත කණ්ඩායමට කැදවා ඇති අතර ඒ වෙනුවට ඉවත් කර ඇත්තේ ප්‍රභාත් ජයසූරිය යි.


එසේම දෙවන ටෙස්ට් තරගයේ දී ස්ථානය අහිමි වූ කුසල් මෙණ්ඩිස්ට ද නැවත කැදවීමක් කර ඇත.ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ නිශාන් මධුශ්කයි.නිශාන් මධුශ්ක වෙනුවට ඉණිම ඇරඹිමේ වගකීම පැතුම් නිශ්ශංකට පැවරී තිබෙනවා.

කණ්ඩායමේ සංයුතිය සළකද්දී මේ තරගයේ දී කමිඳු මෙණ්ඩිස්ට මෙන්ම නායක ධනංජය ද සිල්වාට ද පිතිකරුවන් හැටියට මෙන්ම පන්දු යවන්නන් හැටියට ද විශාල කාර්යභාරයක් පැවරෙනු ඇත.එ් ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට ඇතුළත් කර නොමැති නිසයි.


පහත දැක්වෙන්නේ අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් මෙණ්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,ධනංජය ද සිල්වා,කමිඳු මෙණ්ඩිස්,මිලාන් රත්නායක,විශ්ව ප්‍රනාන්දු,පහිරු කුමාර,අසිත ප්‍රනාන්දු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...