තුන්වැනි දිනටත් විමසන තැපැල් ඡන්ද!

0
276

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අද වන අතර, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිවෙනවා.

මෙසේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකි බව දන්වා සිටී.