*
Friday, September 27, 2024
spot_img

Latest Posts

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25,000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය රෙගුලාසි හදනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් ඇති බවත් ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් මේ සේවකයන් දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව, ඔවුන් වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ⁣ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බවත් එසේම සේ්වක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ දර්ශනයක් ඇති බවත් සමගි ජන බලවේගය ඉදිිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ දේවල් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව SMS පණිවිඩ හරහා ජනතාවට යවමින් සිටින බවත් ඔවුන් සමගි ජන බලවේගයේ අඩිපාරේ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී බොරු කට කතා හදා ෆේස්බුක් සහ වෙබ් අඩවිවල මුදල් ගෙවා ප්‍රවෘත්ති දමා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට ව්‍යාජ පුවත් මවන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය එක් වන්නේ ජනතාව සමග මිස අන්ත පරාජිත ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නැති බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාට නම් එකට එකතු වීමට ආසාවක් ඇති බවත් ඒ අයට එකතු විය හැකි වුවත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට විනාශ කළ කල්ලි සමග එකට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට මේ රට ගොඩනැගීමට හොදම ප්‍රතිපත්තිය හොදම දර්ශනය සහ වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට සමගි ජන ජන සන්ධානයට බවත් දක්ෂතම හැකියාව සහිත පළපුරුද්ද කළ පුුරුද්ද දැකපුරුද්ද අතදැකීම උගත්කම බුද්ධිය ඇති දක්ෂයෝ සිටින බවත් සමගි ජන බලවේග දර්ශනය තුළ මෙරට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එහිදී සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරමින් අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මේ වගකීම සමගි ජන සන්ධානය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan