හන්ටර් බයිඩන් අවසන් මොහොතේ වරද පිළිගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් 2016-19 සිට ඩොලර් මිලියන 1.4 ක් (පවුම් මිලියන 1) ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අවසන් මොහොතේ චෝදනා නවයටයකටම වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.

මුලදී ඔහු නිර්දෝෂීභාවය පවත්වා ගනිමින් චෝදනා පිළිනොගෙන ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් වුවද නඩු පවරන්නන් විරුද්ධ වීමෙන් පසුව ඔහු වරද පිළිගැනීමට එකඟ වී තිබේ.

ඒ අනුව, බදු පැහැර හැරීම, වංචනික බදු වාර්තා ගොනු කිරීම සහ බදු ගෙවීමට අපොහොසත් වීම ඇතුළු ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයාට දැන් වසර 17ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිවන අතර විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ, ඔහුට ඩොලර් මිලියන 1.3 ක් තරම් විශාල දඩයක් ද නියම කළ හැකි බවයි.

මිට මාස තුනකට පෙරමේ හා සමානවම ඔහු තුවක්කු ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ වෙනම චෝදනාවකට වරදකරු වූ අතර තම පුතාට සමාව දීමට විධායක බලය භාවිතා නොකරන බව ජනාධිපති බිඩෙන් මීට පෙර ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...