රෙජීමයක් පරාජය කරගන්න ට්‍රම්ප් දරන වැය බර – මෙහෙමත් ලෝකයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගෙවුණු දින 15ක් වෙනුවෙන් ඇමරිකාව ඩොලර් බිලියන 12 ක් වය කර ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ආර්ථික උපදේශකවරයෙකු වන කෙවින් හැසට් පවසා තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට යුද්ධයේ ගෙවුණු දින 15ක් වෙනුවෙන් එම වැය බර ඇමරිකාව විසින් දරා තිබේ.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එකාබද්ධව ප්‍රහාර එල්ල කරමින් පසුවෙයි.

කෙසේවෙතත් ඔවුන් බලාපොරොත්තු වූ ඉරාන පාලන වෙනස සිදු නොවුණු අතර මේ වන විට මැද පෙරදිග යුද්ධයේ තීරණාත්මක සාධකය බවට ඉරානය පත්ව සිටින අතර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඇමරිකාවට කොන්දේසි පනවන තැනට පත්ව තිබේ.

මේ වන විට මෙම යුද්ධය ඉතා සංකීර්ණ තැනකට පත්ව ඇත. බුබායි ගුවන් කලාපයද තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ඊයේ දිනය දක්වා යුද්ධය හේතුවෙන් ඉරාන වැසියන් 1,444 දෙනෙකු සහ ඇමරිකානු සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...