නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

අද (06) පෙරවරුවේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන මහත්වරු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා මෙලෙස නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. අද (06) දහවල් ඒ මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවන්ට එක්ව සිටි බව සඳහන් වේ.

PMD News

PMD News

PMD News

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...