මෙරට සංවර්ධනයට චීන රජයේ සම්පූර්ණ සහය:චීන තානාපති Qizhenhog

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW:

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට සංවර්ධනය කරලීමේ ක්‍රියාවලිය සඳහා චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qizhenhog මහතා පවසයි.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහ චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නගර සභා කාර්යාල පරිශ්‍රයේදී පැවති චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය වර්ධනය කරලීමේ උපකරණ ප්‍රධානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව පැවසුවේය.

මෙහිදී රුපියල් මිලියන පහළොවක් පමණ වන වටිනාකමින් යුත් මහන මැෂින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසන විජේමුණි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...

අද තරගයට චාමික…?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ...