යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත කර ඇති ඕනෑම බටහිර හමුදා භටයෙකු රුසියානු ඉලක්කවනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(05)දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයන් 26 දෙනෙකු විසින් ගුවනින්, සාගරයෙන් හා භූමියෙන් රුසියාවට එරෙහිව හමුදා යෙදවීමට සහය පල කර ඇති බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව ව්ලැඩිවොස්ටොක්හි පැවති ආර්ථික සංසදයකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි.

රුසියානු-යුක්රේන ගැටුමේදී සාම ගිවිසුමක් ඇති කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහයන් සාර්ථකත්වයට සමීප බවට කිසිදු ලකුණක් නොමැති වුවද, අනාගත ගිවිසුමක් ඇති වුවහොත් යුක්රේනය සඳහා ආරක්ෂාවක් සකස් කිරීමට යුරෝපීය නායකයින් උත්සාහ කරමින් සිටී.

කෙසේ නමුත්, ගිවිසුමක් ඇති වුවහොත් යුක්රේනයේ භූමියේ හමුදා යෙදවීමට එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් විවෘතව පොරොන්දු වී ඇති අතර, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය හා එක්සත් ජනපදය දැනටමත් එවැනි පියවරක් ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...