ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

Date:

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙයට ආසන්න සිදුවීම වන්නේ බයි තක්සලාව නමැති යූටියුබ් නාලිකාව ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසලට අංක තහඩු රහිත බයිසිකල්වලින් විවිධ පුද්ගලයන් පැමිණීම බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේදී ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම් වූ අතර එවැනි තත්ත්වයක රටේ වගකීම භාර ගත් මොහොතක මේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද මෙවැනි තර්ජන එල්ල වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම කියාසිටියි.

මාධ්‍යකරුවන්ට එල්ලවන තර්ජන ගර්ජන ප්‍රජාතන්ත්‍රවදයට එල්ල වන මරු පහරක් බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

මෙම තත්ත්වය වහා වැළැක්වීමට පියවර ගත යුතු අතර මෙකී නාදුනන බයිසිකල්කරුවන් ගැන විමර්ශනය කළ යුතු බව ද හෙතෙම පවසයි.

රජය ක්‍රියාත්මක කරන නිවැරදි දේ ප්‍රශංසා කරන්නටත් වැරදි දේ විවේචනය කරන්න සියලු පුරවැසියන්ට අයිතිය ඇති හෙයින් රජයේ නිවැරදි හා වැරදි දේ පෙන්වා දීම ලක්ෂ 220ක් ජනතාවගේ වගකීම බවත් ඒ අයිතිය ජනතාව සතු අයිතියක් බැවින් ඒ අයිතිය උදුරාගැනීමට ආණ්ඩුවට හෝ මැර කණ්ඩායම්වලට හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකයා අවධාරණය කරයි.

එමෙන්ම සමාජ‌ය භීතියකට පත් කර ගෙන ඇති මේ මිනිමරු සංස්කෘතිය පරාජය කරන්න රජය වහා කටයුතු කළ යුතු බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙන බවත් රජය අහන්න අකැමැති දේ යූටියුබ් නාලිකාවල යන විට ගත යුතු පියවර මේ අයට තර්ජනය කිරිම නොව තමන්ගේ වැරදි නිවැරදි කර ගෙන රට ඉදිරියට ගෙන යාම බවත් සමාජ මාධ්‍ය තුළ මෙන්ම නිදහස් මාධ්‍ය තුළ ඇත්ත ඇති සැටියෙන් කතා කරන මාධ්‍යවේදීන් ක්‍රියාකාරින් ආරක්ෂා කිරීමට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...