එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද

Date:

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සර සමරුව අදට (06) යෙදී තිබේ.

ඒ අනුව එම සැමරුම් උත්සවය අද පස්වරු 03.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

1946 සැප්තැම්බර් 06 වනදා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙනි. එජාපය 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර ඩී. එස්. සේනානායක මහතා මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

විශිෂ්ට දේශපාලනඥයින්, රාජ්‍ය නායකයින් රැසක් බිහි කළ එජාපයේ නායකත්වය මේ වනවිට හොබවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර දශක කිහිපයකට පසුව නැවතත් රටේ ජනාධිපති ධුරය තම පක්ෂය සතු කරගැනීමට ඒ මහතා සමත්ව සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...