ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන සලාකය වැඩි කරන ක්‍රමවේදයක් ගැන ඇමති කියයි

Date:

මීටර් සවි කළ ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මේ වනවිට අපි පොලිස් ස්ථානවලට සහ පළාත් පාලන ආයතනවලටත් ගමනාගමන කොමිසමටත් උපදෙස් දීලා තියෙනවා මේ ත්‍රීරෝද රථ අතරින් වෘත්තීයමය වශයෙන් පූර්ණ කාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනාගන්න කියලා. මොකද ඔවුන්ව හඳුනාගත්තොත් පමණයි අපට විකල්ප ක්‍රමයකින් වැඩි ඉන්ධන සලාකයක් ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ අරමුණින් තමයි අපි ඒවා ලියාපදිංචි කරන්න කිව්වෙ පොලිස් ස්ථානවල ළඟම තියෙන පිරවුම්හලෙන්. නමුත් පසුගිය සති 5ක කාලය තුළ මේ වෙනතුරුත් අපි කියලා නෑ මෙන්න මේ අහවල් පිරවුම්හලෙන් විතරක් ඉන්ධන ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉදිරියේදී අපි සලාකය වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිසම හරහා අපට ප්‍රවාහන අමාත්‍යාංශය ලබාදෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර් සවිකර තිබෙන, ඒ වගේම මිල ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණක් සාධාරණව අයකරන පිරිස්වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ ලබාදෙන කෝටාව පමණක් අර ලියාපදිංචි කළ පිරවුම්හලෙන් ගන්නත්, අපි සාමාන්‍යයෙන් ලබාදෙන ලීටර් 5 ඕනෑම පිරවුම්හලකින් ගන්නත් තමයි අපි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නෙ. ගමනාගමන කොමිසම හා ප්‍රවාහන අමාත්‍යාංශයත් පළාත් පාලන ආයතනත් අවශ්‍ය තොරතුරු ලබාදුන් පසු ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...