ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන සලාකය වැඩි කරන ක්‍රමවේදයක් ගැන ඇමති කියයි

Date:

මීටර් සවි කළ ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මේ වනවිට අපි පොලිස් ස්ථානවලට සහ පළාත් පාලන ආයතනවලටත් ගමනාගමන කොමිසමටත් උපදෙස් දීලා තියෙනවා මේ ත්‍රීරෝද රථ අතරින් වෘත්තීයමය වශයෙන් පූර්ණ කාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනාගන්න කියලා. මොකද ඔවුන්ව හඳුනාගත්තොත් පමණයි අපට විකල්ප ක්‍රමයකින් වැඩි ඉන්ධන සලාකයක් ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ අරමුණින් තමයි අපි ඒවා ලියාපදිංචි කරන්න කිව්වෙ පොලිස් ස්ථානවල ළඟම තියෙන පිරවුම්හලෙන්. නමුත් පසුගිය සති 5ක කාලය තුළ මේ වෙනතුරුත් අපි කියලා නෑ මෙන්න මේ අහවල් පිරවුම්හලෙන් විතරක් ඉන්ධන ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉදිරියේදී අපි සලාකය වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිසම හරහා අපට ප්‍රවාහන අමාත්‍යාංශය ලබාදෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර් සවිකර තිබෙන, ඒ වගේම මිල ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණක් සාධාරණව අයකරන පිරිස්වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ ලබාදෙන කෝටාව පමණක් අර ලියාපදිංචි කළ පිරවුම්හලෙන් ගන්නත්, අපි සාමාන්‍යයෙන් ලබාදෙන ලීටර් 5 ඕනෑම පිරවුම්හලකින් ගන්නත් තමයි අපි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නෙ. ගමනාගමන කොමිසම හා ප්‍රවාහන අමාත්‍යාංශයත් පළාත් පාලන ආයතනත් අවශ්‍ය තොරතුරු ලබාදුන් පසු ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...