මගී ප්‍රවාහන කටයුතුවල නිරත ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මෙම වැඩපිළිවෙලට අනුව පළමු අදියර යටතේ මීටර් සහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝධ රථ සඳහා අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.
මීටර් ත්‍රිරෝද රථවලට දැනට ලැබනෙ ලීටර් 05 ක ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගත හැකිය. අමතරව ලබාදෙන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
UN