මාසික ආදායම ලක්ෂයයි නම් බදු ගෙවන්න සූදානම් වෙන්න !

Date:

වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 සීමාව ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. සරලව කිවහොත් මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන සෑම පුද්ගලයෙකුම ආදායම් බදුවලට යටත් වේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව තීරණය අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 සිට මිලියන 06 දක්වා 06% ක ආදායම් බද්දක් ගෙවීමට සිදුවන අතර මිලියන 05 සිට මිලියන 10 දක්වා ආදායම් බද්ද 12% ක් වේ. මිලියන 10 – 15 දක්වා 24% ක් ලෙසත් මිලියන 15 – 20 දක්වා 30% ක් ලෙසත් ආදායම් බදු අය කරන අතර මිලියන 20 ඉක්මවන වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයන් ආදායමෙන් 36% ක් ලෙස රජයට බදු ගෙවිය යුතුය.

පසුගිය රජය සමයේදී මෙම බදු සීමා පනවා තිබූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ වහාම සිදුකළ බදු සංශෝධනයේදී ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව වාර්ෂික ආදායම මිලියන 03 ක් ලෙස සංශෝධනය කෙරිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවලද මෙම බදු සංශෝධනය අනිවාර්ය වගන්තියක් වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...