තෙල් මිල රුපියල් 50 කින් අඩු කරන්න පුලුවන් – හර්ෂ ද සිල්වා

Date:

ලෝක වෙළඳපොලේ වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් අනුව දේශීය ඉන්ධන මිල සැළකිය යුතු අන්දමකින් පහත දැමීමට හැකි බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. දැඩි ආර්ථික අපහසුතාව මැද ජීවත් වන සාමාන්‍ය ජනතාවට එය ඇඟට දැනෙන සහනයක් වනු ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් අවම වශයෙන් රුපියල් 50 කින් ඉන්ධන මිල අඩුවිය යුතු බවත්, මිල සූත්‍රයට අනුව ඉන්ධන ලීටරයකින් බදු ගෙවූ පසු රුපියල් 50 ක පමණ ලාබයක් ඛනිජ තෙල් සංස්ථාව අත්කර ගනිමින් සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මිල සූත්‍රය සම්බන්ධයෙන් නෛතික තත්වයක් නොමැති නිසා රජයට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ක්‍රියාත්මක කළ හැකිව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අද ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවන විට හෙට දේශීය මිල ගණන් වෙනස් කළ නොහැකි බවයි. මිල සූත්‍රය ක්‍රියාත්මක වුවද එහිදී සලකා බලන්නේ ආසන්න දින 30 තුළ ලෝක වෙළඳපොලේ මිල ගණන්වල සාමාන්‍යය බවත්, ඒ අනුව ලෝක වෙළඳපොලේ සිදුවන දෛනික වෙනස්වීම් අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

සුපර් ඩීසල් හා සුපර් පෙට්‍රල් අලෙවියෙන් සංස්ථාව යම් ලාබයක් ලබන නමුත් සාමාන්‍ය ඩීසල් හා භූමිතෙල් අලෙවියේදී සමාගම කිසිදු ලාබයක් නොලබන බවත් විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම මුදල් අමාත්‍යංශය වෙත පැවරීමට තීරණය කර ඇති අතර මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන 15 වැනිදා වනවිට ගනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...