*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් ජූලි මස තවත් පහළට!

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලුම් පරිමාව ජූලි මාසයේදී අඛණ්ඩව දෙවන මාසයටත් වසරින් වසර (Y-o-Y) වාර්තාගත සියයට 7.5 කින් TEU (අඩි විස්සකට සමාන ඒකක) 460,736 ක් දක්වා පහත වැටී ඇත.

මීට හේතුව නම්, රට දේශපාලන හා සමාජීය වශයෙන් අස්ථාවර අවධියක දී ප්‍රධාන නැව් මාර්ග තාවකාලිකව විකල්ප මාර්ග තෝරා ගැනීමයි.

මහජන විරෝධතා ඇතුළු අනිකුත් අර්බුද මධ්‍යයේ වුවද කොළඹ වරායේ මෙහෙයුම් බොහෝ දුරට නොවෙනස්ව පැවති අතර, මේ සම්බන්ධයෙන් දේශීය නැව් නියෝජිතයෙකු අනාවරණය කළේ, ජූලි 09 වන දින හටගත් සිදුවීම් හමුවේ ප්‍රධාන නැව් මාර්ග ක්‍රියාන්විතයන් දියත් කිරීමට අදාළව නීතිය හා සාමය පවත්වා ගැනීම තවදුරටත් සලකා බැලීමට සිදුවූ බවයි.

මාස හතක කාලය තුළ, ප්‍රතිනැව්ගත බහාලුම් පරිමාව TEU මිලියන 3.35 දක්වා වසරින් වසර වාර්තාගත සියයට 0.2 කින් අඩු වී ඇති අතර, මෙම තත්ත්වය මත කර්මාන්ත පාර්ශ්වකරුවන් හට නැව් මාර්ග පිළිබඳ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට යම් කාලයක් ගත වනු ඇති බව ද සඳහන්.

සමස්තයක් වශයෙන්, කොළඹ වරායේ බහාලුම් ප්‍රතිදානය ජූලි මාසයේදී TEU 553,890 දක්වා සියයට 10.5 කින් අඩු වී ඇත.

විශේෂයෙන්ම, ආනයන බහාලුම් පරිමාව වසරින් වසර සියයට 21.4 කින් TEU 30,366 දක්වා ශීඝ්‍රයෙන් අඩු වී ඇති අතර, අපනයන බහාලුම් පරිමාව වසරින් වසර සියයට 6.8 කින් අඩු වී TEU 25,247 ක් දක්වා පහත වැටී ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කළමනාකරණය කරන ලද ජය බහාලුම් පර්යන්තය (JCT) සහ එහි අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ජූලි මාසයේදී TEU 115,539 ක් පමණක් හසුරුවා ඇති අතර, ඉන්දියාවෙන් ප්‍රතිනැව්ගත කිරීමේ බහාලුම් පරිමාවේ කැපී පෙනෙන අඩුවීමක් හේතුවෙන්, 39% ක තියුණු පහත වැටීමක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, වරායේ එකම පූර්ණ ක්‍රියාකාරී බහාලුම් පර්යන්තය වන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) මසක් තුළ TEU 286,419 ක් හෙබවීමට සමත් වූ අතර එය වසරින් වසර සියයට 1.2 කින් වැඩි විය.

ඒ හා සමානව, දකුණු ආසියා ගේට්වේ ටර්මිනල් (SAGT) විසින් හසුරුවන ලද බහාලුම් පරිමාව ද මසක දී TEU 151,932 දක්වා සියයට 3.5 කින් ඉහළ ගොස් ඇත. සමස්තයක් වශයෙන්, මාස හතක කාලය තුළ කොළඹ වරායේ බහාලුම් ප්‍රතිදානය වසරින් වසර සියයට 2.1 කින් TEU මිලියන 4.11 දක්වා අඩු විය.

මේ අතර, හම්බන්තොට වරාය විසින් මෙහෙයවන ලද භාණ්ඩ ප්‍රවාහනය ද ජූලි මාසයේදී TEU 147,495 ක් දක්වා වසරින් වසර සියයට 48.6 කින් අඩු විය.

පසුගිය සතියේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වරායේ අඛණ්ඩ සහ බාධාවකින් තොරව සිදුකරන මෙහෙයුම් පිළිබඳව ද රජයේ ඉහළම අවධානය යොමුව තිබේ.

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු කොළඹ වරායේ සියළු ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට අවශ්‍ය විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව ඊට සැපයීමට රජය කටයුතු කරනු ඇත.

මේ අතර, රටේ ආර්ථික පැවැත්ම සහ පුනර්ජීවනය සඳහා මෙම අංශයේ වැදගත්කම වරාය වෘත්තීය සමිති විසින් ද පිළිගන්නා අතර, මෙරට ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ පාරිභෝගිකයින් වෙත සේවා සැපයීම සහතික කිරීමට තමාට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ පෞද්ගලික පර්යන්ත වන CICT සහ SAGT සිය විශ්වාසය පළ කර තිබේ.

ඕවින්දි විශ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan